රු. කෝටි හතරක කුෂ් කටුනායකින් අල්ලයි
රුපියල් කෝටි හතරක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මලු තුළ සගවා ගෙන මෙරටට පැමිණ , ඒවා කටුනායක ගුවන් තොටුපොළ සියලුම පරීක්ෂණ නිම කර ගෙන ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනකු 11/19 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගත් තිදෙනා අතර 34 හැවිරිදි කොළඹ 12 , 26 හැවිරිදි කොළඹ 15 සහ 26 හැවිරිදි වැල්ලම්පිටිය යන ප්‍රදේශ වල පදිංච් රියැදුරුවරුන් ලෙස සේවය කරන පුද්ගලයන් වේ .
මොවුන් 11/19 දින රාත්‍රී 08.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාර්සල් 04 ක් ලෙස සකස් කළ " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 022 ක ප්‍රමාණයක් සගවා ගෙන තිබිය දී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් සමග මෙම මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා 11/20 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

