රු. කෝටි 5000ක් වංචාකර චීනයට යැවීම ගැන චීන විමර්ශකයන් විමර්ශන අරඹයි
අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීනයෙන් මෙරටට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළ බව රහස් පොලිසිය කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයාට ඊයේ (10) දැනුම් දුන්නේය.
මුදල් වංචාවට යොදාගත් පරිගණක විසිපහක් සම්බන්ධයෙන් විමර්ශන කරන බවද රහස් පොලිසිය වැඩිදුරටත් දැනුම් දුන්නේය.
චීන ජාතකයින් ඇතුළු විදෙස් සැකකරුවන් 37 දෙනකු මීගමුවේ හෝටලයක් තුළ පවත්වාගෙන ගිය අන්තර්ජාලය හරහා මුදල් වංචා කර චීනයට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්රගතිය දැනුම් දුන් රහස් පොලිසිය මෙම වංචනික ක්රියාව සම්බන්ධයෙන් කරන විමර්ශන සඳහා සහාය දෙන ලෙස විදෙස් විශේෂඥ පොලිස් කණ්ඩායම් මගින් කළ ඉල්ලීමට අනුව මෙම විශේෂ පොලිස් කණ්ඩායම විමර්ශන සඳහා සහාය දක්වන බව දැනුම් දුන්නේය.
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චීන ජාතිකයින් 37 දෙනා ඇතුළු සැකකරුවන්ට මේ වනවිට අධිකරණය මගින් ඇප නියම කර ඇති අතර පැමිණිල්ල ඔක්තෝබර් 24 වැනිදා කැඳවීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

