රු. කෝටි 3000ක ලෝක බැංකු ණය ආධාර මත ක්‍රියාත්මක මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්න සංවර්ධන ව්‍යාපෘතියේ (KMTT - kandy multimodale transit terminal) ඉදිකිරීම් සමාරම්භය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක විසල් මහනුවර සංවර්ධන වැඩසටහන යටතේ මෙම කටයුතු සිදු වන අතර මෙම KMTT ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මහනුවර නගරයේ තැන් තැන්වල ස්ථාපිත කර ඇති තාවකාලික බස් රථ පර්යන්ත සියල්ලම මහනුවර දුම්රිය ස්ථානයට යාබදව පිහිටා ඇති පැරණි ගුඩ්ෂෙඩ් බස් රථ පර්යන්තයේදී එකම වහලක් යටට ගෙන එමින් පොදු ප්‍රවාහන සේවාවන් ලබා ගැනීම සඳහා මගින් අනවශ්‍ය ලෙස නගරයේ වීදි අතර ගමන් කිරීම අවම කිරීමය.
සිරිමාවෝ බණ්ඩාරනායක මාවත සහ විලියම් ගොපල්ලව මාවත ඒකාබද්ධ කරමින් මීටර් 200 ක් පමණ දිගකින් ඉදිකරන ගුවන් පාලම මඟින් මහනුවර මහ රෝහල සහ දුම්රිය ස්ථානය කරා යන මගීන්ට ඉතා කෙටි වේලාවක් තුල පහසුවෙන් ගමන් කිරීමට හැකි වේ. මීට අමතරව පර්යන්ත අභ්‍යන්තර ප්‍රවේශ මාර්ග පද්ධතියක් සහ ගුඩ්ෂෙඩ් බස් නැවතුම හරහා ගලා යන මැද ඇල කොටසද මෙම සංවර්ධන ක්‍රියාවලිය තුල ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.
එමඟින් දිනකට ගමනාන්ත 193ක් වෙත බස් ගමන් වාර 5000 සහ මඟීන් 330000 හැසිරවීම මෙහි අරමුණයි. මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 69.33 ක ණය මූල්‍ය අනුග්‍රහය ලෝක බැංකුව මගින් ලබා දී ඇත.ව්‍යාපෘතියේ සමස්ථ කළමනාකරණය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පිහිටුවා ඇති ව්‍යාපෘති කළමනා කරණ ඒකකය මගින් සිදු කෙරේ. ව්‍යාපෘතිය 2024 ජනවාරි ආරම්භ කර 2026 දෙසැම්බර් නිම කිරීමට නියමිතයි.
ප්‍රධාන සංරචකයන් 05 ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ මහල් තුනකින් යුත් ප්‍රධාන බස් පර්යන්ත ගොඩනැගිල්ල, KMTT ප්‍රධාන ගොඩනැගිල්ල, බස් රථ නතර කිරීමේ ගොඩනැගිල්ල, කඩ සාප්පු සහිත මගී පිවිසුම් ARCADE ගොඩනැගිල්ල, මගී ගුවන් පාලම සහ මැද ඇළ ප්‍රතිසංස්කරණය සිදු කිරීමට සැලසුම් කර ඇත.
