හැටන් පොලිස් වසමට අයත් හැටන් ඇබෝස්ලි වතුයායේ නිවසක කිසිවෙක් නොමැති විටකදී එම නිවසට පැන රුපියල් 1,95000 ක් සොරකම් කළ එම ප්රදේශයේම පදිංචි 21 හැවිරිදි තරුණියක් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය 2025.09.18 වන දින බ්රහස්පතින්දා රාත්රියේ සිදු වූ බව හැටන් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
හැටන් පොලිසිය සිදුකල මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඇබෝස්ලි වතුයායේ පදිංචි තරුණිය අසල්වැසියෙකුගේ නිවසට පැන එම නිවසේ අල්මාරියේ පෙට්ටි දෙකක තබා තිබූ රුපියල් 95,000/= මුදල් පෙට්ටි සමඟ රැගෙන ගොස් ඉතිරි රුපියල් 100,000/= ක මුදල පෙට්ටිය තුළම තිබූ ඒ.ටී.එම් කාඩ් පත හරහා හැටන් ප්රදේශයේ ලංකා බැංකුවේ ATM යන්ත්රයෙන් ලබාගෙන මුදල් තබා තිබූ පෙට්ටි තේ වන්දට විසි කර ඇති බවයි.
මුදල්වල හිමිකරු හිමිකරු සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධව හැටන් පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට හැටන් පොලිසියෙ අපරාධ විමර්ශන අංශය කටයුතු කර තිබේ
පැමිණිල්ල මත පරීක්ෂණ ආරම්භ කළ හැටන් පොලිසිය ඒ.ටී.එම් යන්ත්රයෙන් මුදල් ලබා ගන්නා සිසි ටීවී දර්ශන උපයෝගීකරගනිමින් සැකකාරිය (18) දින අත්අඩංගුවට ගෙන සැකකරියගෙන් මුදල් ආපසු ලබාගෙන තිබේ.