රිවි දනවි සූර්ය බල ව්‍යාපෘතියේ ඉදිකිරීම් 6දා ඇරඹේ
මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටියාගල ප්‍රදේශයේ ඉඳිකෙරෙන රිවි දනවි සූර්ය බල ව්‍යාපෘතියේ ඉඳි කිරීම් කටයුතු සඳහා මුල්ගල තැබීම සැප්තැම්බර් මස (06) වෙනි දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වූ ව්‍යාපෘති අධ්‍යක්ෂක චාමික පෙරේරා මහතා, "මෙම ව්‍යාපෘතිය යටතේ මෙගා වොට් සියයක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එක් වෙනවා.අක්කර 500 භූමි ප්‍රමාණයක මෙම ව්‍යාපෘතිය ස්ථාපිත කෙරෙනවා.ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 137 වැය කෙරෙනවා.ව්‍යාපෘතිය නිසා වායුගෝලයට විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වසරකට කිලෝග්‍රෑම් මිලියන 110 කින් අඩු වෙනවා.
ව්‍යාපෘතිය මෙගාවොට් පැය දොළහක බැටරි ගබඩා පහසුකම්ද සහිතයි.එමඟින් ජාතික විදුලි බල පද්ධතිය ස්ථායීතාව පවත්වාගෙන යාමට හැකි වෙනවා.ව්‍යාපෘති භූමිය වටා කිලෝමීටර් හතර හමාරක විදුලි වැටක් මේ වන විට ඉඳිකර තිබෙනවා.
ඒ සඳහා රුපියල් මිලියන 70 ක්ද,ව්‍යාපෘතියට සම්බන්ධ මාර්ග කිලෝමීටර් 15 ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන සියයක් පමණ වැය කර තිබෙනවා.අවශ්‍ය යටිතල පහසුකම් මේ වන විට සිදුකර නිමාකර තිබෙනවා.ව්‍යාපෘතියේ අභ්‍යන්තර ඉඳිකිරීම් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් (06) වෙනි දින පෙරවරු දහයට ආරම්භ කෙරෙනවා.
සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.ඉඳිකිරීම් නිමවීමෙන් පසු ප්‍රදේශයේ තරුණ තරුණියන් සිය දෙනෙකුට පමණ සෘජු රැකියා ලැබෙනවා.වසර දෙකක් ඇතුලත සියලු ඉඳිකිරීම් නිම කිරීමට සැලසුම් කර තිබෙනවා."
මොනරාගල සුමනසිරි ගුණතිලක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

