මුද්රණ යන්ත්ර සහ හිස් කාඩ්පත් හිඟවීම හේතුවෙන් රියදුරු බලපත්ර කාඩ්පත් 673,000ක පමණ ගොඩ ගැසී (backlog) පවතින බව ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය විය.
ඇණවුම් කරන ලද කාඩ්පත් මිලියනයක තොගය ජනවාරි වන විට අවසන් වන බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්රාමික) තුෂාර ඉඳුනිල් ප්රනාන්දු මහතා මෙහිදීරිය සඳහන් කළේය.
නව කාඩ්පත් මිලියන 2ක් සැපයීම සඳහා ලබා දී ඇති නව කොන්ත්රාත්තුවේ පළමු සැපයුම ලැබීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මස අවසානයේදී බැවින් එම මාස දෙකක කාලය සඳහා දැනට සිටින සැපයුම්කරු වෙතින්ම තවත් කාඩ්පත් ලක්ෂ 05 ක ප්රමාණයක් ඇනවුම් කිරීමට අවශ්ය අමාත්ය මණ්ඩල අනුමතිය ලබා ගැනීමට යෝජනා කරන බවත්, ඒ අනුව ලබන වසරේ මැද භාගය වන විට මෙම ප්රමාදය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කළ හැකි බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.