රියදුරු තම ලොරි රථය රියදුරු අසුනෙන් බැස පනගැන්වීමට යාමේදී ලොරිරථය පනගැන්වී ඉදිරියට යාම වැලැක්වීමට නැවත ලොරි රථයට නැග ගැනීමට ගත් උත්සාහයකදී ලොරිරථයටම යටවී එම ස්ථානයේදීම ඊයේ (23දා) සවස මරණයට පත්ව ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව වැලිවැව වටවනයාය පදිංචි කෝට්ටහේවගේ ජෝසප් ඇන්ටනී නැමති පස්දරු පියෙකි.ලොරි රථයේ හිමිකරුද ඔහුම වේ.
සිද්ධිය දුටු රථවාහන අලුත්වැඩියා ස්ථානයේ සිටි එහි හිමිකරු පොලීසියට පවසා ඇත්තේ මරණකරු වාහනයේ දෝෂයක් පරික්ෂා කිරීම සඳහා එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහු ලොරි රථයෙන් බැස නැවත වාහනය පණගැන්වීමට කළ උත්සාහයකදී එකවර ලොරි රථය පනගැන්වී ඉදිරියට ගමන් කිරීමේදී එය නවතාලීමට කළ උත්සාහයකදී එම ලොරිරථයට හිස යටවීම නිසා මෙසේ එම ස්ථානයේදීම මරණයට පත්වු බවයි.
ලොරි රථය වාහන අලුත්වැඩියා ගොඩනැගිල්ලේ බිත්තියට හැපී නැවතී ඇත. මරණකරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය
අද (24දා) හලාවත රෝහලේදී පැවත්වීමට නියමිතය.
ආරච්චිකට්ටුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න