දිවයිනේ විවිධ ප්ර දේශවල සිදුවූ රිය අනතුරු හයකින් දරුවෙක් ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වාකරේ පොලිස් වසම - 2025.11.07 වන දින උදෑසන කාලයේ වාකරේ පොලිස් වසමේ ත්රිකුණාමලය මඩකලපුව මාර්ගයේ පන්ච්චංකේනි ප්රදේශයේදී මඩකලපුව දෙස සිට ත්රිකුණාමලය දෙසට ධාවනය වූ යතුරුපැදියක පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතල තුවාල ලබා වාකරේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 69 ක් වූ කාත්තන්කුඩි ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය ඥාතීන් වෙත භාරදී ඇති අතර වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
හම්බන්තොට පොලිස් වසම - 2025.11.07 වන දින උදෑසන කාලයේ හම්බන්තොට පොලිස් වසමේ හම්බන්තොට මිගහජැදුර මාර්ගයේ කැලිගම හන්දියේදී හම්බන්තොට දෙස සිට ගොන්නෝරුව දෙසට ධාවනය වූ ට්රැක්ටර් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ගමන්කල පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පාපැදිකරු බරපතල තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 79 ක් වූ හම්බන්තොට ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධයෙන් ට්රැක්ටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මැදවච්චිය පොලිස් වසම - 2025.11.07 වන දින උදෑසන කාලයේ මැදවච්චිය පොලිස් වසමේ මහනුවර යාපනය මාර්ගයේ කිලොමීටර් 149 කණුව ආසන්නයේදී රඹෑව දෙස සිට මැදවච්චිය දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් ත්රීරෝද රථයේ පිටුපස සිටි ත්රීරොද රථ රියදුරුගේ බිරිද තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 49 ක් වූ බෝගස්හන්දිය, පදවිය ප්රදේශයේ පදිංචිකාරියෙකි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන්ට භාර දී ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
බෝගස්වැව පොලිස් වසම - 2025.11.07 වන දින සවස් කාලයේ බෝගස්වැව පොලිස් වසමේ වව්නියාව පදවිය මාර්ගයේ බෝගස්වැව ප්රදේශයේදී පරාක්රමපුර දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරලී ගොස් අනතුරක් සිදුව ඇත. අනතුරින් ත්රීරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා පදවිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 65 ක් වූ බෝගස්වැව ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය පදවිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බෝගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
අතුරුගිරිය පොලිස් වසම - 2025.11.07 වන දින උදෑසන කාලයේ අතුරුගිරිය පොලිස් වසමේ අතුරුගිරිය ගොඩගම මාර්ගයේ පනාගොඩ යුධ හමුදා ඉංජිනේරු බලකා කඳවුර අසලදී හබරකඩ දෙස සිට ගොඩගම දෙසට ධාවන වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලී ඇදී ගොස් අනතුරක් සිදුව ඇත. අනතුරින් පැදිකරු බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 62 ක් වූ බෝමිරිය, කඩුවෙල ප්රදේශයේ පදිංචි විශ්රාමික යුධ හමුදා නිලධාරියෙකි. මෘත ශරීරය හෝමාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කළුතර දකුණ පොලිස් වසම 2025.11.07 වන දින රාත්රී කාලයේ කළුතර දකුණ පොලිස් වසමේ ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ වෙට්ටුමකඩ හන්දිය අසලදී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා පාපැදිකින් ගමන්කල ළමයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් එම ළමයා බරපතල තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 11 ක් වූ කටුකුරුන්ද ප්රදේශයේ පදිංචි පිරිමි ළමයෙකි. මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.