රිය අනතුරු හයකින් 6ක් ජීවිතක්ෂයට
- 3 02 2026
- 08:41
- {{hitsCtrl.values.hits}} views
- ..
යතුරුපැදියක් බස්රථයක ගැටී පැදිකරු ජීවිතක්ෂයට - 2026.02.02 දින දහවල් කොළඹ නුවර ප්රධාන මාර්ගයේ නාරම්පිටිගොඩ හන්දිය ප්රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිට ඇත. මරණකරු වයස අවුරුදු 19 ක් වූ ගිඟුල ප්රදේශයේ පදිංචිකරුවෙකි.අනතුරට සම්බන්ධ බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
යතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටී පැදිකරු ජීවිතක්ෂයට - 2026.02.03 දින අළුයම දඹුල්ල හබරණ මාර්ගයේ ඉනාමළුව ප්රදේශයේදී ස්විස් හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ගතකරන විට පැදිකරු මියගොස් සිට ඇත. මරණකරු වයස අවුරුදු 22 ක් වූ රොටවැව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
යතුරුපැදිකරුගේ අධික වේගය හා අපරීක්ෂාකාරි ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
යතුරුපැදියක් ත්රී රෝද රථයක ගැටී පැදිකරු ජීවිතක්ෂයට - 2026.02.02 දින දහවල් වාරියපොල හලාවත මාර්ගයේ බංඩාරකොස්වත්ත ප්රදේශයේදී වාරියපොලදෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා වාරියපොල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිට ඇත. මරණකරු වයස අවුරුදු 25 ක් වූ යහලතැන්න ප්රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට සම්බන්ධ ත්රී රෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. වාරියපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
යතුරුපැදියක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට - 2026.02.02 දින උදෑසන පුත්තලම ත්රිකුණාමලය මාර්ගයේ මාතලේ හන්දිය ප්රදේශයේදී අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පදික කාන්තාව සහ යතුරුපැදියේ පසුපැදිකාරිය තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී පදික කාන්තාව මියගොස් සිට ඇත. මරණකාරිය වයස අවුරුදු 65 ක් වූ අඹන්පොල ප්රදේශයේ පදිංචිකරුවෙකි. ත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ත්රී රෝද රථයක් බවුසරයක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට -2026.02.02 දින සවස රත්නපුර පානදුර මාර්ගයේ මුණසිංහපුර ප්රදේශයේදී රත්නපුර දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ඉන්ධන බවුසරයක ගැටී අනතුරක් සිදුව ඇත.අනතුරින් ත්රී රෝද රථයේ ගමන්ගත් කාන්තාවක් ත්රීරෝද රථයෙන් ඉවතට විසිවී බවුසර් රථයට යටවීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇත. ත්රීරොද රථයේ රියැදුරු හා එහි ගමන්ගත් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ප්රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. මරණකාරිය වයස අවුරුදු 20 ක් වූ අයගම ප්රදේශයේ පදිංචිකාරියකි. අනතුරට සම්බන්ධ බවුසර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. කිරිඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ට්රක් රථයක් පාපැදියක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට - 2026.02.02 දින දහවල් කන්කසන්තුරය පේදුරුතුඩුව මාර්ගයේ ඌරනිය හන්දිය ප්රදේශයේදී කන්කසන්තුරය දෙසට ධාවනය වූ යුධ හමුදා ට්රක් රථයක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පාපැදිකාරිය තුවාල ලබා තෙලිප්පලේ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇත. මරණකාරිය වයස අවුරුදු 62 ක් වූ අඹන්පොල ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය තෙලිප්පලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ට්රක් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පලාලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
