රිය අනතුරු පහකින් මෙහෙණින් වහන්සේ නමක ඇතුළු හයක් මරුට
- 16 01 2026
- 11:39
- {{hitsCtrl.values.hits}} views
- ..
මෙහෙණින් වහන්සේ නමක් බස් රථයක ගැටී අපවත්වීම - ඇහැළියගොඩ පොලිස් වසම.
2026.01.15 දින දහවල් අවිස්සාවේල්ල රත්නපුර මාර්ගයේ මින්නාන හන්දියේදී අවිස්සාවේල්ල සිට ඇහැළියගොඩ දක්වා ධාවනය වූ මගී ප්රවාහන බස් රථයක් බස්නැවතුම්පොලක නවතා නැවත ගමන් ආරම්භ කළ අවස්ථාවේ බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා ගමන් කළ මෙහෙණින් වහන්සේ නමක් බස් රථයේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලබු මෙහෙණින් වහන්සේ ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. වයස අවුරුදු 77 ක් වන මෙහෙණින් වහන්සේ ගැටහැත්ත ප්රදේශයේ ආරාමයක වැඩ වාසය කර ඇත. බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන ඇහැලියගොඩ පොලිසිය විසින් සිදු කරනු ලබයි.
ටිපර් රථයක් අනතුරට ලක්ව රියැදුරු හා රිය සහායක මියයාම - චාවකච්චේරිය පොලිස් වසම.
2026.01.15 දින අළුයම් කාලයේ යාපනය හා මන්නාරම මාර්ගයේ නාවක්කුළිය ප්රදේශදී යාපනය දක්වා ධාවනය වූ ටිපර් රථයක් රියැදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් තාප්පයක හා දුරකථන රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් ටිපර් රථයේ රියැදුරු හා රිය සහායක තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් ඇත.
මරණකරුවන් අවුරුදු 19 හා 23 වයස්වල පසුවන කිළිනොච්චිය හා අච්චුවේලි ප්රදේශවල පදිංචිකරුවන් වේ. චාවකච්චේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
රිය අනතුරකින් පදිකයෙකු මියයාමක් - කුට්ටිගල පොලිස් වසම.
2026.01.15 දින උදෑසන ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ කදුරුගස්ආර ප්රදේශයේදී නෝනාගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කල පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පදිකයා, යතුරුපැදිකරු හා පසු පැදිකරු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 63 ක් වූ ඕමල්පේ ප්රදේශයේ පදිංචිකරුවෙකි. කුට්ටිගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ටිපර් රථයක් හා යතුරුපැදියක් ගැටී යතුරුපැදිකරු මියයාම - තංගල්ල පොලිස් වසම.
2026.01.15 වන දින උදෑසන කාලයේ තංගල්ල පොලිස් වසමේ තංගල්ල මාතර මාර්ගයේ තේක්කවත්ත හංදිය අසලදී තංගල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වූ ටිපර් රථයක් එම දිසාවටම ධාවනයවූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 70 ක් වූ උණාකූරුව, තංගල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. තංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කාර් රථයක් ගැටි පදිකයෙකු මියයාම - වීරඟුල පොලිස් වසම.
2026.01.15 වන දින සවස් කාලයේ වීරඟුල පොලිස් වසමේ යක්කල කිරිඳිවල මාර්ගයේ කොස්කඳවල ප්රදේශයේදී යක්කල දෙස සිට කිරඳිවැල දෙසට ධාවනය වූ කාර් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් පදිකයෙකු හා පදික කාන්තාවන් දෙදෙනෙකුගේ ගැටී ඇත. තුවාලකරුවන් ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 80 ක් වූ කොටදෙණියාව ප්රදේශයේ පදිංචිකරුවෙකි.අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. වීරඟුල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

