හලාවත පොලිස් වසම - 2025.12.16 වන දින දහවල් කාලයේ හලාවත පොලිස් වසමේ කොළඹ හලාවත ප්රධාන මාර්ගයේ මයික්කුලම ප්රදේශයේදී මීගමුව දෙස සිට හලාවත දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගමන් කළ මගියෙකු බස් රථයේ ඉදිරිපස දොරෙන් ඇද වැටී එම බස් රථයටම යටවීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ මගී පුද්ගලයා ප්රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.මරණකරු වයස අවුරුදු 45 ක් වූ හලාවත ප්රදේශයේ පදිංචිකරුවෙකි.මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
කුලියාපිටිය පොලිස් වසම - 2025.12.16 වන දින දහවල් කාලයේ කුලියාපිටිය පොලිස් වසමේ කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කරගහගෙදර ප්රදේශයේදී හෙට්ටිපොල දෙස සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ කාර් රථයක ප්රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ යතුරුපැදියක් ගැටී කාර් රථය විදුලි රැහැන් කණුවක ද ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකාරිය, පසුපැදිකාරිය හා කාර් රථයේ රියදුරු ප්රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකාරිය මියගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 47 ක් වූ මූණමල්දෙනිය ප්රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
පුල්මුඩේ පොලිස් වසම - 2025.12.16 වන දින සවස් කාලයේ පුල්මුඩේ පොලිස් වසමේ පුල්මුඩේ බෝගස් හන්දිය මාර්ගයේ කිලෝමීටර් 14 කණුව ආසන්නයේදී පුල්මුඩේ දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ බහාලුම් ප්රවාහන ලොරි රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ප්රතිකාර සඳහා පුල්මුඩේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 35 ක් වූ මහසෙන්පුර ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය පුල්මුඩේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පුල්මුඩේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
දවුලගල පොලිස් වසම - 2025.12.16 වන දින සවස් කාලයේ දවුලගල පොලිස් වසමේ දවුලගල පිළිමතලාව ප්රධාන මාර්ගයේ පමුණුව ප්රදේශයේදී පිළිමතලාව දෙස සිට දවුලගල දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක ගමන් කළ මගී කාන්තාවක් බස් රථයෙන් බැසීමට යාමේදී ඇද වැටීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ එම කාන්තාව පමුණුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා පේරාදෙනිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 75 ක් වූ පිළිමතලාව ප්රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය පේරාදෙනිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත. දවුලගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මිහින්තලය පොලිස් වසම - 2025.12.16 වන දින සවස් කාලයේ මිහින්තලය පොලිස් වසමේ මාතලේ හන්දිය සිට ගල්කුලම දක්වා ඇති මාර්ගයේ කුරුන්දන්කුලම ප්රදේශයේදී ගල්කුලම දෙස සිට මාතලේ හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. මරණකරු වයස අවුරුදු 23 ක් වූ අනුරාධපුර ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.මිහින්තලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
සීගිරිය පොලිස් වසම - 2025.12.16 වන දින රාත්රී කාලයේ සීගිරිය පොලිස් වසමේ දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ ප්රදේශයේදී දඹුල්ල දෙස සිට හබරණ දෙසට ධාවනය වූ යතුරුපැදියක් කැබ් රථයකට ඉස්සර කිරීමට යාමේදී කැබ් රථය හා යතුරු පැදිය මාර්ගය හරහා ගමන් කළ වන අලියකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු,කැබ් රථයේ රියදුරු හා රිය සහයක තුවාල ලබා ප්රතිකාර සඳහා ප්රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු යතුරු පැදිකරු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 22 ක් වූ දිගම්පතහ ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.