බණ්ඩාරගම කළුතර මාර්ගයේ වෑවිට ප්රදේශයේ දී අද (7දා) අළුයම ටිපර් රථයක ගැටීමෙන් වයෝවෘද්ධ හිමිනමක් අපවත් වී ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.
අනතුරින් අපවත් වූයේ 80 හැවිරිදි ඇතිලියේ සුමේධ හිමියන් ය. එම අනතුරින් තවත් කාන්තාවක් තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
අපවත් වූ හිමියන් රෝගී තත්ත්වයකට ප්රතිකාර ගැනීම සඳහා බණ්ඩාරගම ආදර්ශ පාරේ ගිලන් භික්ෂූ නිවාසයක නේවාසිකව ප්රතිකාර ලබමින් සිට ඇතැයි පොලිසිය කියයි.
අද අළුයම එම භික්ෂු නිවාසයෙන් පලාගොස් මහ මඟ යමින් සිටියදී මෙලෙස ටිපර් රථය ගැටී ඇතැයි පොලිසිය කියයි.
බණ්ඩාරගම දෙස සිට කළුතර දෙසට ධාවනය වෙමින් තිබූ ටිපර් රථයේ කළුතර දෙස සිට පැමිණ තිබූ ත්රීරෝද ගැටී ඇති අතර එම අනතුර වළක්වා ගැනීමට ටිපර් රථ රියැදුරු උත්සහ කිරීමේදී ටිපර් රථය ත්රී රෝද රථය ගැටී අනතුරුව ලිස්සා ගොස් මාර්ගයේ ගමන් කරමින් සිටි හිමිනමගේ ශරීරයේ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය පැවසීය.
ටිපර් රථය හිමිනමගේ ශරීරයෙ ගැටීමත් සමඟම හිමිනම මීටර් කීපයක් ඈතට විසි වී තාප්පයක ගැටී ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
අනතුර වන අවස්ථාවේ දී ත්රිරෝද රථයේ රියදුරු සහ කාන්තාවක් ගමන් කර ඇති අතර පොල්ගස්ඕවිට ප්රදේශයේ පදිංචි ඔවුන් අවමංගල නිවසකට ගොස් යළි නිවස බලා පැමිණෙමින් සිටි දී මෙම අනතුර සිදු වී ඇත.
ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති ඇති අතර අද පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බණ්ඩාරගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.