හම්බන්තොට, රිදියගම සෆාරි සත්ත්වෝද්‍යානයේ අක්කර 34කින් සමන්විත දෙවැනි කොටස අද (04දා) මහජනතාව සඳහා විවෘත කෙරේ.
මෙම කොටස කලාප 03කින් සමන්විත වන අතර, එහි ගෝන මුවා, ඕළු මුවා, මීමින්නා වැනි ශාක භක්ෂක සතුන් සඳහා වන කලාපයක් මෙන්ම සුරතල් සතුන් සමග විනෝද වීමට ළමයින් සඳහා ඉදිකළ කලාපයක්ද වේ.
එසේම එහිදී සුරතල් සතුන්ට ආහාර ලබාදීම හා සතුන් සමග ඡායාරූප ගැනීම වැනි අවස්ථාවන්ට ප්‍රමුඛත්වය ලබාදීමට නියමිත බවද සඳහන් වේ.
මීට අමතරව සත්ත්ව අභිජනන සංරක්ෂණ සහ පර්යටන පක්ෂීන් ගලවා ගැනීමේ මධ්‍යස්ථානයක්ද ඉදිකර ඇති අතර, එම කොටස නරඹන්නන් සඳහා විවෘත නොකෙරෙන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පළමු සෆාරි සත්ත්ව උද්‍යානය වන මෙම රිදියගම සෆාරි උද්‍යානය සඳහා අක්කර 500ක් පමණ වෙන් කර ඇති අතර, මේ වනවිට ඉන් අක්කර 200ක පමණ ප්‍රමාණයක් සංවර්ධන කොට ඇත.
මෙහිදී සතුන් සඳහා කලාප 13ක් පිහිටුවා ඇති අතර, ඒවා නම් අක්කර 35ක භූමි ප්‍රදේශයක පවතින අප්‍රිකානු සිංහ කලාපය, අක්කර 80ක පමණ පැතිරී ඇති ශාක භක්ෂක සතුන් කලාපය, අක්කර අක්කර 54කින් සමන්විත ආසියානු අලින්ගේ කලාපය සහ බෙංගාලි ව්‍යාග්‍රයන්ගේ කලාපයයි.