ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි 11ක වංචාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත.
ප්‍රමිතියෙන් තොර ‘රිටොක්සි මැප්’ ප්‍රතිදේහ එන්නත් ලබා දීමෙන් පිළිකා රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති එන්නත් වෙනුවට ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනපුරා රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය’ සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා කළ පැමිණීල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන කරද්දී ගුද මාර්ගයේ” මහ බඩවැලේ” පියයුරු” පෙනහ`ථ” පොස්පෙට් ග්‍රන්ථිය” ආමාශය ආශිත පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රතිදේහ එන්නත්ද ප්‍රමිතියෙන් තොර බවට කරුණු හෙළි වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ හෙළි කළාය.
ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් විමර්ශන කරන්නැයි ඉල්ලමින් කමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට කළ පැමිණීල්ලකට අනුව පිළිකා රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.