කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටු වැව, පෝතානේගම පිහිටා ඇති අඩි 40 පමණ උස් වූ දැකුම්කළු ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩසිටින රැස් වෙහෙර පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරිමට පියවර ගෙන තිබේ.
රටේ ඓතිහාසික උරුමයන් බොහෝමයක් දැක ගත හැකි පූජා භූමියක් වන මෙහි පැරණි ලෙන්, දුර්ලභ සඳකඩ පහණ, බෝධිය හා බෝධි ප්‍රාකාරය, ලෙන් විහාර සහ මූර්ති ශිල්පය තුළින් ඉමහත් ඓතිහාසික වැදගත් කමක් රැස්වෙහෙරට හිමිව තිබේ.
රැස්වෙහෙර පූජා භූමියක් වශයෙන් මේ වන විට ලියාපදිංචි කර නොමැති නිසා, පූජා භූමියක් වශයෙන් ලියාපදිංචි කිරීම සහ තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන්, රැස්වෙහෙර රාජ මහා විහාරාධිපති පූජ්‍ය කනංකුට්ටියේ රාහුල නාහිමිපාණන් වහන්සේ සහ රැස්වෙහෙර ආරණ්‍ය සේනාසනවාසී කටුගස්තොට ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේ සමඟ පෙරේදා (22) දා සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී, උන්වහන්සේලාගේ ඉල්ලීමට අනුව ඉදිරියේ දී ඒ සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පියවර ගැනීමට එකඟතාව පළ වූ අතර ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛණ සකස් කර දෙනමෙන් ඉල්ලා සිටියා. මෙමගින් ඓතිහාසික රැස්වෙහෙර රාජ මහා විහාරය සඳහා ප්‍රතිලාබ රැසක් හිමි වෙයි.
මෙහි දී රැස්වෙහෙර රාජ මහා විහාරයේ පිරිවෙනක් ආරම්භ කිරීමට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.