අහංගම, කන්ද අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ධාවන කල ත්‍රිරෝද රථයක් අද ( 02 ) පෙරවරුවේ බෙලිඅත්ත සිට අනුරාධපුර වව්නියා බලා ගමන් ගන්නා රජරට රැජිණ දුම්රියේ ගැටීමෙන් සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කල එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කල බව අහංගම පොලීසිය පවසයි.
අනතුරින් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අහංගම කන්ද ප්‍රදේශයේම පදිංචි වයස අවු.62 ක කාන්තාවක් වන අතර ඇය තම නිවසේ වතුර බිල ගෙවා නැවත පැමිණෙමින් සිටියදී අනතුරට පත් වී ඇත.
තුවාල ලබා දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසු වූ ත්‍රීරෝද රථයේ රියදුරු ගල්ල ජාතික රෝහලට ඇතුලත් කල බව අහංගම පොලිසියය පවසයි. සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අහංගම පොලිසිය මගින් සිදු කරයි.


