අද රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව හා වයඹ පළාත්වල බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හෙට දිනයේද දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට විශේෂයෙන් සවස 1න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
