රාජිත රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය.
මහේස්ත්‍රාත්වරිය සැකකරු නිරික්ෂණය කිරිමෙන් පසුව මෙම නියෝගය නිකුත් කරනු ලැබු අතර සැකකරු බන්ධනාගාර බාරයේ තබා ගැනීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (27) දවල් 2.10ට අත්අඩංගුවට ගත් බව රහස් පොලීසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇති බව ආරංචි වේ.
මෝසමක් මත මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේ ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ලංකා රෝහලේ හෘද රෝග අංශයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දවල් 2.10 ට ඔහු අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු ඇප මත මුදා හැරියොත් පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයට පත්කර ලෙසද රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

