වනාතවිල්ලුව එළුවන්කුලම තවුසමඩුවේ කුඹුරු අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවි යාමත් සමග තමන් දැඩි අවදානමකට ලක්වි ඇති බව ගොවින් පවසති.
එළුවන්කුලම එකමුතු ගොවි සංවිධානයට අයත් තවුසමඩුව ව්‍යාපාරය කුඹුරු අක්කර 400 කට ආසන්න බව ගොවින් පවසති.
ගොවින් පවසන්නේ රාජංගන ජලාශයෙ වාන් දොරටු විවෘත කිරීමත් සමග එයින් මුදා හැරෙන දැවැන්ත ජල කඳ කලාඔය දිගෙ ගලා එමේන් පසු කලාඔයෙන් පිටාර කරනු ලබන ජල කදෙන් තම කුඹුරු මෙසේ සම්පුර්ණයෙන් යටවි ඇති බවයි.
එළුවන්කුලම තවුසමඩුව එකමුතු ගොවි සංවිධානයෙ සභාපති ඒ.එම්.එම් .තව්පික් මහතා පවසා සිටියෙ මෙවැන්නකී.
“ රාජාංගනයෙ වාන් දොරටු විවෘත කරපු විට මේ තත්වය අපිට බරපතල වෙලා.ඇත්තටම කළාඔයෙන් පිටාර ගලන ජලය සියල්ලම එන්නේ මේ තවුසමඩුව කුඹුරු මැදින් දැන් දින තුනකට වැඩියි තව දින කිපයක් මේ තත්වය තිබුනොත් අපේ කුඹුරු වලින් ගන්න දෙයක් නැහැ .
මේ ජලයෙන් යට වෙලා තියෙන කුඹුර වල දින 20 මාසයෙ ගොයම් වාගෙම අලුත වපුරපු ගොයමත් තිබේනවා.ලක්ෂ ගනන් වියදම් කරලා අපි අන්ත අසරණ වෙනවා. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ යැයි ඔහු පවසන්නට වූහ.

