රජය ආර්ථික වශයෙන් අසීරැ අවස්ථාවක සිටියද රාජ්‍ය සෙවක වැටුප් කප්පාදු කරන බවට කිසිදු සැකයත් තබා නොගතයුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මෙම මාසයේ රාජ්‍ය වැටුප් කප්පාදුවක් සිදු වන බවට සමාජ්ය මාධ්‍යයේ ඇතුලු රාජ්‍ය සේවකයන් අතර සිදුවන ප්‍රචාරයක් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් අද (04දා) පාර්ලිමේන්තුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
රාජ්‍ය සේවක වැටුප මේ මාසයේ ගෙවන්නේ අඩක් කියලා ඊයේ පෙරේදා ප්‍රචාරයක් ගිහින් තිබුණා විශේෂයෙන්ම සමාජ මාධ්යෙවල. ඒක සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. අපි දන්නවා මේ වන විට රටේ සමෘද්ධි ලාභී පවුල්, සමෘද්ධිය ඉල්ල පවුල්, ආබාධික පවුල් ආධී වශයෙන් පවුල් ලක්ෂ 68න් ලක්ෂ 30ට ආසන්න ප්‍රමාණයක් යැපුම් මට්ටමෙන් පහල ඉදගෙන ආධාර බලාපොරොත්තු වෙනවා. ඒත් රාජ්‍ය සේවකයා කියන නිෂ්චිත වැටුපකට කොටු වුණු පුද්ගලයාත්, ඒ පවුලත් මේ සියයට 95ක පමණ ආහාර උද්දමනය තියෙද්දි විශාල පීඩනයක ඉන්නේ. අපි මොනම වෙලාවකවත් මෙවැන් දෙයක් කල්පනා කරන්නේ, හිතන්නේ හෝ සැලසුම් කරන්නවත් අදහසක් නෑ. ඒත් අපිට අසීරැයි.
අපි රැපියල් බිලියන 93ක් මාසික පඩිය සඳහා වැය කරනවා. විශ්‍රාම වැටුප සඳහා බිලියන 26ක් යනවා. ඉතින් බිලියන 119ක් අපේ මාසික පඩි සහ විශ්‍රාම වැටුප සඳහා යනවා. මේක වාර්ෂිකව බැලුවොත් බිලියන 1428ක් වෙනවා. අපේ 2021 දී මුලු ආදායම බැලුවොත් බිලියන 1460යි. ආදායමට සමාන ප්‍රමාණයක් වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා ගෙවනවා. ඒත් කිසිදු මොහොතක රාජ්‍ය සේවක වැටුප් කපා හැරීමත් ගැන සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය නෑ. එහෙම වෙන්න තිබුණා මේ ගිය විදියට සියල්ල අයාලේ ගියා නම්. අඩක් නෙවෙයි මුලු ගානම නොලැබෙන්න තිබුණා.