ශ්‍රී සම්බුද්ධ තෙමඟුල සිහි කරමින් 2026 රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හෙට (27) ආරම්භ වේ. රාජ්‍ය වෙසක් උත්සවයේ ප්‍රධාන උළෙල මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව මැයි 27 සිට ජුනි 02 දක්වා කාලය “වෙසක් සතිය” ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
වෙසක් සතිය තුළ දිවයින පුරා ආගමික, සමාජීය හා පරිසර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව මැයි 28 දා සෞඛ්‍ය වැඩසටහන්, 29 දා සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, 30 දා ශීල හා භාවනා පින්කම්, 31 දා භික්ෂු හා සිල්මාතා පුහුණු වැඩසටහන්, ජුනි 01 දා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ ජුනි 02 දා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමී පරිසර සංරක්ෂණ වැඩසටහන් පැවැත්වේ.