රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් කේ.ඩී.එන් රංජිත් අශෝක මහතා පත්කිරීමට ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
1990 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ අශෝක මහතා මෙරට පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි. ඔහු කාලයක් කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර තිබේ.