ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන්ගේ නිවාස වලට පහර දී අලාභ හානි කිරීමේ චෝදනාවට රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා වන ජගත් සමන්ත මහතා අද (21දා) ආරච්චිකට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතා බව පොලිසිය පැවසීය.
ජගත් සමන්ත මහතා මේ වන විට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්රිවරයෙකී.
ඔහුට අයත් ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව ප්‍රදේශයේ ඉස්සන් ගොවිපලක සැගවි සිටියදි පොලිස් කන්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය අප්‍රේල් 4 දින ආරච්චිකට්ටුව ප්‍රාදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ හලාවත සංවිධායක අජීත් ගිහාන් මහතාගේ නිවසට හා තවත් ජවිපෙ නිවාස දෙකකට හා එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රිවරයකුගේ නිවසට මන්ත්‍රිවරයා ඇතුළු පිරිසක් කඩා වැදි නිවාස වලට හා වාහන කිපයකට බරපතල හානි කිරීමේ චෝදනාව එල්ල වි තිබුණි.
සිද්ධියත් සමග මන්ත්‍රිවරයා ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බව පොලිසිය පවසයි.
කෙසේ නමුත් සිදුවිම වී දින 19 කට අත් අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කර තිබුණි.
මෙම සිද්දියට මෙයට පෙර දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබු අතර තවත් සිව් දෙනෙකු අත් අඩංගුවට ගැනිමට ඇති බව පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් මන්ත්‍රිවරයා හලාවත අධිකරණයට හෙට (22දා) ඉදිරිපත් කිරීමට නියමිත බව ආරච්චිකට්ටුව පොලිසිය සඳහන් කළේය.