පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ අළුත්ගම පොලිස් වසමට අයත් අලුත්ගම කන්දේ විහාරකළුවාමෝදර කාලවිල මාර්ගයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ නිවසට පිවිසෙන මාර්ගයේ ස්ථාන දෙකක මාර්ග බාධක යොදා පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු අද (3දා) සඳහන් කළේය.
අමාත්‍යවරයාගේ නිවසට මීටර් සියයකට ආසන්න දුරකින් කාලවිල මාර්ගයේ ස්ථාන දෙකක මෙලෙස මාර්ග බාධක සහිත පොලිස් නිලධාරීන් රාජකාරි යොදවා තිබුණ අයුරු දිස් විය.
අලුත්ගම තුසිත කුමාරද සිල්වා