රාජ්‍ය ආයතනයක සාමාන්‍යාධිකාරි වරයෙකු රාජාංගනය පහලමාරගහවැව ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය පෞද්ගලික ලිහිසි තෙල් අලෙවි සැලක් බිඳ, එහි ගබඩා කර තිබූ ලක්ෂ 7කට වැඩි ලිහිසි තෙල් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව නොච්චියාගම පොලිසිය පවසයි.
මීට වසර පහළොවකට ආසන්න කාලයක සිට පවත්වා ගෙන යන මෙම වෙලදසැලේ පැමිණිලිකරුගේ බිරිඳ, වෙළඳාම් කටයුතු වල නිරතව සිටින බවත්, මීට මාස දෙකකට පමණ පෙර බිරිඳට ශල්‍යකර්මයක් සිදු කිරීම සදහා මෙම ආයතනය මාස දෙකක කාලයක් වසා තිබීයදී, ඉකුත්දා මෙම සොරකම සිදුව ඇති බව පොලීසිය කියයි.
පැමිණිලිකරු වරින් වර එම වෙළඳසැලට ගොස් පිරිසිදු කටයුතු කර නැවත පැමිණෙන බවත්, ඉකුත්දා එලෙස සුද්ද පවිත්‍ර කිරීමට යාමේදී එහි පිටු පස යකඩ දොර සහ ලෑලි දොර විවෘත කර තිබෙන ආකාරය දැක, පරීක්ෂාකර බැලීමේදී මෙම සොරකම සිදුව ඇති බව පුථමයෙන් දැන ගත් බව පොලිසිය සඳහන් කළේය.
ඒ අනුව සිදු කළ පරීක්ෂාවේදී , එම වෙළඳසැල තුල ගබඩා කර තිබූ, එන්ජින් ඔයිල්, බ්රේක් ඔයිල්, හයිඩ්‍රොලික් ඔයිල් ඇතුළු විවිධ වර්ගයේ ලිහිසි තෙල් ලිටර් 200කට වැඩි ප්‍රමාණයක් , ග්‍රිස් තොගයක්, මෙලෙස සොරකම් කර ඇති බවත් එහි මුළු වටිනාකම රුපියල් 7,34540ක් වන බව පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන්ව ඇතැයි පොලීසිය කියයි.
මෙම සොරකමට සම්බන්ධ සම්බන්ධ සැකකරුවෙකු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නොච්චියාගම පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.