රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීම ජනතා සේවයට මහත් පිටුවහලක්
අභිනව රාජ්‍ය අමාත්‍යවරුන්ට වගකීම පැවරීම තුලින් රට ගොඩනැගීම සඳහා ගෙන යන කඩිනම් වැඩ පිළිවෙලට සුවිසල් දායකත්වයක් සැලසෙන බව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
විශේෂයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස රජයේ වගකීම් දරමින් තමන්ගේ රේඛීය අමාත්‍යාංශයේ කටයුතු වලට උපරිම දායකත්වයක් ලබා දීම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රමුඛතම කාර්යයක් වේ.
දැනට කැබිනට් ඇමතිවරු 20 දෙනකු පමණක් සිටින අතර අමාත්‍යවරුන් ආවරණය නොකරන අනෙකුත් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන වල වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී තිබේ.
උදාහරණ වශයෙන් ජනාධිපතිතුමාගේ ජනාධිපති පදවියේ වගකීමට අමරතව මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති, තාක්ෂණ, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ වල වගකීම් මෙන්ම ආපදා කළමණාකරන අමාත්‍යාංශයේ වගකීමද දරනුයේ ජනාධිපතිතුමා විසිනි.
මේ හේතුවෙන් ජනාධිපතිතුමන්ට විශාල වගකීම් ප්‍රමාණයක් අමාත්‍යාංශ යටතේ පැවරී තිබීම තුල මහජනතාවට සලසන සේවාවන් වල යම් අඩුවීමක් දක්නට ලැබිණ.
රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම පිළිබඳව කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කරනු ලැබූයේ,“රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් විවධ පාර්ශව මේ වනවිට විවිධ මත, අදහස් පළ කරමින් සිටිනවා. සමහරු කියනවා, රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණපා සිටින අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම යෝග්‍ය නොවන බව.
නමුත් මෙවර රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේදී ජනාධිපතිතුමා පැහැදිලිවම සඳහන් කළේ, රාජ්‍ය අමාත්‍යවරු පත් කළත්, ඔවුන්ට වෙනදා මෙන් සියලු පහසුකම් ලබා නොදෙන බවයි. වත්මන් රජය යටතේ පත්ව සිටින අමාත්‍යවරු මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන්ටත් හිමි වන්නේ මන්ත්‍රී වැටුප පමණයි.
එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන්ට හිමි වන්නේ ද එක් වාහනයක් පමණයි. එම නිසා අනවශ්‍ය පරිදි රටේ සම්පත් භුක්ති විඳීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නෑ. රජයේ ස්ථාවරභාවය ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. එම නිසා ස්ථාවර රජයක් පවත්වාගෙන යාමට නම්, ශක්තිමත් අමාත්‍ය මණ්ඩලයකුත් අවශ්‍යයි.
එක් එක් අමාත්‍යාංශ තුළ සැළසුම් කර තිබෙන වැඩපිළිවෙල ඉතාමත් විශාලයි. එම නිසා අමාත්‍යවරයෙකුට පමණක් එම කටයුතු තනිවම ඉටු කළ නොහැකියි. ඒ නිසා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේ වරදක් ඇතැයි මා සිතන්නේ නැහැ.
කොහොම වුණත් කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම මම පෞද්ගලිකව අමාත්‍ය වැටුප ලබා ගන්නේ නැහැ. එම මුදල් මම කොවිඩ් අරමුදලට පරිත්‍යාග කළා. අදටත් මට හිමි වන්නේ මන්ත්‍රී වැටුප පමණයි.
රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම්, සියලුදෙනා කැපවීම් කළ යුතුයි. ඒ වගේම මහන්සි වී වැඩ කළ යුතුයි. අලුතින් පත් වූ රාජ්‍ය අමාත්‍යවරුන්ටත් කැප වී වැඩ කිරීමට සිදු වෙනවා. ඒ නිසා මෙම පත්කිරීම තුළ සුවිශේෂී වරප්‍රසාද හෝ මහජන මුදල් අනිසි ලෙස පරිහරණය කිරීමට ඉඩක් නොලැබෙන නිසා මෙහි වරදක් ඇතැයි මා සිතන්නේ නෑ.”
popular news
-
sg Friday, 09 September 2022 05:50 PM
Dear Mr. Preisident, whatever, you need to make the firm decision not to keep additional weight on the innocent people of this country on these appointments. People will closely be observing what is happening current situation in the country. The best thing is needing to go for a fresh election immediately without delay at the first opportunity. Otherwise, you cannot solve the country's problem without support from internal and external parties. That is the reality of the country's situation.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

