රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම හෙට (06දා) දිනයේ සිදුවිමට ඉඩ ඇති බව ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි. ඒ් අනුව රාජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙකු පමණ පත්කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රාජ්‍ය අමාත්‍යධුර සඳහා නම් කරන මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් එම පක්ෂය විසින් ජනපතිවරයාට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
රාජ්‍ය අමාත්‍යවරු පත්කළද ඔවුනට අදාළ විෂය පථයන් ගැසට් කිරීමක් මෙවර සිදු නොකිරීමට තීරණය කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා තම කැබිනට් අමාත්‍යවරයාට අයත් අමාත්‍යාංශය යටතේ කටයුතු කළයුතු බවත් සඳහන් වෙයි.
රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වයෙක් පත්කරන නමුත් රාජ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙනම මුදල් වෙන්කිරීමක් සිදු නොකිරිමටත්, අමාත්‍යාංශයේ වැය ශිර්ස්ය යටතේම රාජ්‍ය අමාත්‍යාංශයේ කටයුතු සිදුකිරිමටත් සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
ස්තිර කැබිනට් මණ්ඩලයක් පත්කිරීම තවත් සත් දෙකකින් පමණ කල් යනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් අමාත්‍යධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති නම් ලැයිස්තුවේ ඇති කිහිපදෙනෙකු සම්බන්ධයෙන් පවතින විරෝධය මෙම අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ප්‍රමාද විමට හේතු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් දැනට කටයුතු කරන අමාත්‍යවරුන් 18 දෙනාගේ ධුරයන්හි වෙනසක් සිදු නොවන බවත් නව කැබිනට් අමාත්‍යවරුන් ඇමති මණ්ඩලයට එකතුවීම පමණක් සිදුවන බවත් වාර්තා වෙයි.