සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් භාරදී තිබේ.
රටේ පවතින සමාජ හා දේශපාලන තත්ත්වය මත වැඩ කටයුතු කළ නොහැකි හෙයින් තමා අස්වීමට තීරණය කළ බව ඒ මහතා පාර්ලිමේන්තුවේදී අද (6දා) පැවසීය.
ජනපතිවරයා එම ලිපිය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවද ඔහු සඳහන් කළේය.