රාජපක්ෂවරුන් වර්තමානයේදී බලයේ නොමැති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (19දා) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කර සිටියේ බලයේ නොමැති සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නොමැති රාජපක්ෂවරුන් 'තැලීමට' දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
ඒ අනුව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ,
"මේ දවස්වල ප්‍රවෘත්තියක් යනවා සහරාන් මරාගෙන මැරුණේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න කියලා. රුවන්වැලි සෑය ඉදිරිපිට ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දෙන අවස්ථාවේ කිව්වා ඔහු සිංහල බෞද්ධ ඡන්දවලින් ජයග්‍රහණය කළේ කියලා.
ඒ නිසා මේ දේශපාලන මඩ ගැහිල්ල නිවට සත්‍යය වසන් කර තිබෙනවා. දැන් විශේෂ පරීක්ෂණ ඉල්ලනවා. රටේ කොමිසම් ගණනාවක් දාලා තිබෙනවා. දැන් මේ කොමිසමක් දාලා සමහරුන්ට ඕන රාජපක්ෂලා මේක පිටුපස හිටියා කියන්න. ඒ මිනිස්සු අද බලයේ ඇත්තෙත් නැහැ.
එදා බලයේ හිටියෙත් නැහැ. ඒ තිබුණේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවයි. මේ කිසිදෙයකට සම්බන්ධ නැති රාජපක්ෂලා තලන්නමයි හදන්නේ. මොකක්ද මේ දේශපාලන න්‍යාය පත්‍රය?" යනුවෙනි.