සති තුනකට ආසන්න කාලයක් තාවකාලික නිවාඩූ ලබා සිටි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය අද (14දා) වන දින නැවත සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබ ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු කියා සිටී .
හිටපු අධ්‍යක්ෂවරියගෙන් හිස්වූ තනතුර සඳහා ජනාධිපති වරයා විසින් මෙම පත්වීම සිදු කරනු ලැබිණි. ඒ හුදෙක්ම පසුගිය කාලයේ සිදුවූ නොයෙක් වංචා දූෂණ සිදුවීම් පිලිබඳව විමර්ශනය කර ආයතනය ලාභදායි තත්වයට පත් කිරීමට බවත් සේවකයින් කියා සිටී.
මේ අනුව සිදුවීම් කීපයක් පිළිබඳව මේ වන විටත් පරීක්ෂණ සිදුකර ඒ පිලිබදව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සිදු කරමින් සිටින අතර, ඒ සදහා උරණවූ දූෂිත පිරිස් අමාත්‍යාංශය නිලධාරීන් පවා නොමග යවමින් තම අභිමතාර්ථයන් ඉටුකර ගැනීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් සේවක පිරිස් කියා සිටී.
ඒ අනුව මේ වන විටත් සියලු කටයුතූ පිළිබඳව විමර්ශන කටයුතු සඳහා මණ්ඩලයක් අමාත්‍යාංශය මට්ටමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කර ඇතත් එම තීරණ වලටත් ඉහලින් දූෂීතයින් ආරක්ෂා කර ගැනීමට සහාය දක්වන නිලධාරීන් ක්‍රියාත්මක වන බවටද තොරතුරු අනාවරණය වී ඇතැයිද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව රාජකාරි ආරම්භ කල මෙම අධ්‍යක්ෂවරිය තවත් කාලයක් නිවාඩුපීට තබා වෙනත් අධ්යක්ෂවරියක් පත්කර ගැනීමේ සියුම් කුමන්ත්‍රණයක්ද ඉහළ මට්ටමින් දියත්වී ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටි.
මේ පිළිබඳව අධ්යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය මෙසේ පැවසීය .
"මේ සිදුවන දේවල් පිළිබදව පූර්ණ විමර්ශනයක් සිදුකර රාජකාරිය හරියට කරගන යාමටත් දූෂණය නාස්තිය නැවතීමටත් ආයතනය ලාභදායි තත්වයට පත් කිරීමටත් හැකි පරිසරයක් නිර්මාණය කර දෙන ලෙස ඉල්ලා තාවකාලිකව නිවාඩු ලබා ගියා.
ජනාධිපතිතුමා කියූ කොමිටියත් පත්කිරීම පවා ප්‍රමාද වන තැනට කටයුතු සිදුවී තබෙනවා. සමහර කරුණු පොලිස් පරීක්ෂණවලටත් යොමුවී තිබෙනවා .මේ නිසා ඒවාට සම්බන්ධවූවන් බොරු චෝදනා නගමින් මා මෙයින් ඉවත් කිරීමේ කටයුතු පවා සිදුවන බවට තොරතුරු අනාවරණයවී තිබෙනවා .ඒත් මා බියක් නැතිව ජනාධිනතිවරයා තැබූ විශ්වාසය රැකගන මේ දූෂණ නවතා දැමීමට කටයුතු කරනවා"
දෙහිවල එච් එම් ධර්මපාල
