හෝමාගම පනාගොඩ යුද හමුදා කදවුර තුළදී සිය ගිනි අවියෙන් නිකට හරහා හිසට වෙඩි තබාගෙන සාමාන්‍ය සෙබළකු අද (24) දා දිවි හානි කරගෙන ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ මාතලේ , නාවුල , සේරුදණ්ඩපොල පදිංචි ඉන්දික චතුරංග අත්තනායක නමැති (28) හැවිරිදි අවිවාහකයකු බව පොලීසිය කියයි.
මෙම සෙබළා අද සවස 04 පමණ පනාගොඩ යුද හමුදා කදවුරේ කාලතුවක්කු රෙජිමේන්තුවේ 12 වන අනූ ඛණ්ඩයේ භට නිවාසය ඉදිරිපිටදී මෙසේ සිය ගිනි අවියෙන් නිකටට වෙඩි තබා ගෙන තිබේ.
පසුව එම වෙඩි ප්‍රහාරය නිකට පසාරු කරගෙන ගොස් හිසට බරපතළ තුවාල සිදුව ඇති බව පොලීසිය කියයි .
ඒ අනුව බරපතළ තුවාල තත්ත්වයෙන් පසුවූ සෙබළා පනාගොඩ යුද හමුදා රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි .
වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත .
සිද්ධියෙන් පසුව ස්ථානීය පරීක්ෂණය සදහා නුගේගොඩ කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂණයක් ආරම්භ කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය .
මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිතය .
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනීත් මානවඩු මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික කාරියවසම් මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න