රාගම සිද්ධිය ගැන සොයන්න ජනපතිගෙන් ඇමති කමිටුවක්
රාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාර පරිශ්‍රයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පිළබඳව විධිමත් පරීීක්ෂණයක් සිදුකර නිර්දේශ හා නිරීීක්ෂණ ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට ඇමති කමිටුවක් පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව එම කමිටුව සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් ඇතුළත් වෙයි.
මෙම පහරදීීමේ සිදුවීම සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් යොදාගෙන තිබුණ බව වාර්තා විය. මෙම සිදුවීම සඳහා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාද අත්අඩංගුවට ගැණුන අතර පසුව අරුන්දික ප්‍රනාන්දු මහතා සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන්ද ඉල්ලා අස්විය.
popular news
-
Kumar Tuesday, 15 February 2022 02:29 AM
Lankawe, oya karanna deyata kiyanne horage ammagen pena ahanawage kiyala neda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

