අනෙකුත් රටවල් හා සැසදීමේදී ප්‍රමිතිය ලබාදීම වෙනුවෙන් පරීක්ෂා කිරීමේ තාක්ෂණය හා පරීක්ෂා කිරීමේ පහසුකම් ශ්‍රී ලංකාවේ පවතින්නේ පහල මට්ටමක බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහකාර අධ්යක්ෂ තිළිණි කළුගල මෙනෙවිය පවසයි.
එහෙත් දැනට තිබෙන තාක්ෂණයෙන් උපරිම සේවයක් සලසන්නේ යැයි ඇය ප්‍රකාශ කලේ ජූනි මස 07 වන දිනට යෙදෙන ලෝක ආහාර ආරක්ෂිතතා දිනය වෙනුවෙන් ඊයේ (2023.06.06) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර් යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදීය.
රටේ අවශ්‍යතාවක් තිබේනම් ,මහජනතාව හෝ ආයතන යෝජනා කරන්නේ නම් ඕනෑම විටෙක ප්‍රමිති සකස් කිරීමට ප්‍රමිති ආයතනය සූදානම් බවද ඇය කියයි.
දැනටමත් SLS සහතිකය නොමැතිව ආහාර වර්ග 07 ක් ශ්‍රී ලංකාවේ අලෙවි කල නොහැකි බවද ඇය පෙන්වා දෙයි .මේ අතර මීට වසරකට පමණ පෙර රා සඳහා ප්‍රමිති සකස් කර දෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව තම ආයතනයෙන් ඉල්ලා සිටි බවද තිළිණි කළුගලගේ මෙනෙවිය ප්‍රකාශ කලාය.
කෙසේ වෙතත් ලෝකයේ කොතැනකවත් රා සඳහා ප්‍රමිතියක් සකස් කර ඇති බවට කරුණු සොයාගත නොහැකි නිසා වසර පුරා ,දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් රා සාම්පල එකතු කර ප්‍රමිති සකස් කිරීමේ කටයුත්ත වෙනුවෙන් තවමත් පරීක්ෂා කරමින් සිටින බවද ඇය අනාවරණ කලාය.
රා තහනම් ද්‍රව්‍යයක් නොවන අතර එය මිනිස් පරිභෝජනයට ගන්නා දෙයකි එබැවින් ඒ වෙනුවෙන් ප්‍රමිතියක් ලබාදීම අවශ්‍ය බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.