සහනාධාර මත කාබනික පොහොර ලබාදීමේ වැඩපිළිවෙළට අමතරව ඉදිරියේදී ගොවීන්ට රසායනික පොහොර සඳහා යම් සහනාධාරයක් ගෙවීමටත් සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව ගොවීන් විසින් රසායනික පොහොර මිලදී ගැනීමේදී බිල්පතක් ලබාගත යුතු අතර, මෙම බිල්පතට යම් සහනාධාර මුදලක් ලබාදීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ පොහොර මිලදී ගැනීමේදී ලබාගන්නා බිල්පත ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට සිදුවන අතර, ඉන් පසුව එම ස්ථාන මගින් අදාළ සහනාධාරය ගෙවීමට සැලසුම් කර ඇත.
ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුව ඉදිරි වගා කටයුතු සඳහා අවශ්‍ය කාබනික පොහොර දිස්ත්‍රික්ක 25 මූලික කර ගනිමින් අදාළ දිස්ත්‍රික්කයේ පසේ තත්ත්වය ඇතුළු සාධක මූලික කර ගනිමින් ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, කාබනික පොහොර නොමිලේ ලබාදීමට නියමිතව තිබේ.
එහෙත් කාබනික පොහොර යෙදීම නිසා අස්වැන්න අඩුවන බවට සමහර ගොවීන් චෝදනා කර රසායනික පොහොර භාවිත කිරීම සිදුකරන නිසා මෙම ගොවීන්ටත් සහනාධාර මුදලක් ගෙවීමට තීරණය කර තිබේ.