රුසියාව හා යුක්රේනය සමග සංචාරක ප්‍රවර්ධන කටයුතු ඇරඹීමේ සමාරම්භ වැඩසටහන් කිහිපයක් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම රටවල දී සංවිධානය කර තිබේ.
සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා රජය ගෙනයනවැඩපිළිවෙල යටතේ මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
කොවිඩ් වසංගත තත්ත්වයත් සමග සංචාරක ව්‍යාපාරය නැංවීමේ සැලසුම් අත්හිටුවීමට සෑම රටක්මපියවර ගෙන තිබුණි. මේ වනවිට සෞඛ්යාරක්ෂිත උපදෙස් අනුව සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට එම රටවල් කටයුතු කරමින් තිබේ.
ඒ අනුව රුසියානු මාධ්‍යවේදීන් හා සංචාරක සංවිධාන ආයතනනියෝජිතයින් අතරත්, ශ්‍රී ලංකාවේ සංචාරක සංවිධානය නියෝජිතයින් අතරත් සාකච්ඡාවක් එළඹෙන 6 වෙනිදා රුසියාවේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බව සංචාරකයින්ට පෙන්වා දීම සඳහා මෙරට සංචාරක ස්ථානවල ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක් ද එහි දී පැවැත්වේ.
මෙවැනිම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් යුක්රේනයේ දී ද ක්රියාත්මකකෙරේ.
මෙම රටවල සංචාරක ව්‍යාපාරයේ ප්‍රධානීන්ට හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර එහිදී විශේෂ සාකච්ඡා වාර කීපයක්ම සංවිධානය කර තිබේ.
ඉකුත් කාලයේ සංචාරකයින්ගේ පැමිණීම අනුව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි රටවල් 10 අතරට රුසියාව සහ යුක්රේනය ඇතුළත් වේ.
වසංගත අවස්ථාවේ මෙරට සංචාරක නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කලේත් යුක්රේනය හා කසකස්තානය සමගයි. ඒ අනුව ඉකුත් කාලයේ සංචාරකයින් 24320ක් මෙරටට පැමිණ ඇත.
ඒ අය අතරෙන්සංචාරකයින් 250 කට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී, ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
ආසාදිතයන් බවට තහවුරු වූ අයගෙන් 150ක් ප්‍රතිකාර සදහා යොමු කිරීමෙන් අනතුරුව, සම්පූර්ණ සුවය ලබා නැවතත් සිය මව්බිම් බලා පිටත්ව ගොස් තිබේ.
ආසාදිත බව තහවුරු වූ තවත් සංචාරකයින් 100ක් මේ වන විටත් මෙරට ප්‍රතිකාර ලබයි.