රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රමාදවීම නිසා අධිකරණයේ නඩු විසදීමේ විශාල ප්‍රමාදයක් ඇති බවත් එහෙයින් අපරාධ අධිකරණයන්හි නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා රස පරීක්ෂක වාර්තා නොපමාව අධිකරණයට ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවකට අද පෙරවරුවේ එක්වෙමින් මෙම උපදෙස් ලබා දීම සිදු කළේය.
රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහා නවීණතම උපකරණ හා පරීක්ෂණාගාර ලබා දි ඇති බවත් ජාත්‍යන්තර මට්ටමේ ඉතා උසස් තත්වයක එකී පරීක්ෂණාගාර හා උපකරණ පවත්නා බවත් අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.
එසේ වුව ද දැනට අධිකරණ මගින් රස පරීක්ෂක වාර්තා ඉල්ලා සිටින ප්‍රමාණයේ වැඩි වීමක් පසුගිය දෙවර්ෂය තුළ පෙන්නුම් කරන බව ද විශේෂයෙන් මත් ද්‍රව්‍ය අංශයේ සියයට එක සිය පනහක පමණ වාර්තා ඉල්ලා සිටීමේ වැඩි වීමක් පවතින බව ද නිරීක්ෂණය කිරීමට යෙදුණි.
මෙම ප්‍රමාදය වැළැක්වීම සඳහා රස පරීක්ෂක දෙපර්තමේන්තුව වෙත දැනට අනුමත 31 දෙනෙක් පමණ වු අමතර කාර්ය මණ්ඩලය වහාම බදවා ගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙන ලදී.