2015 /2016 වසර වලදී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට නියම කළේය.
මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කර තිබූ විශේෂ විශේෂ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගේ හමුවේ පැවැති මෙම විශේෂ අභියාචන පෙත්සම් විභාගයෙන් අනතුරුව අදාළ නනියෝගයය ප්‍රකාශයට පත් කෙරිණී.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා සහ ජනක් ද සිල්වා මහත්වරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් ප්‍රකාශිත නඩු තීන්දුවේ මෙසේ සඳහන් වේ.
ශ්‍රී ලංකා මහා බැංකුව 2015/2026 වසර වලදී කළ බැඳුම්කර වෙන්දේසියේදී සිදුකරන ලදැයි කියන මුදල් වංචාව සම්බන්ධයෙන් එවකට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කෙරිණි.
විමර්ශනවලින් පසු සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කළ පැමිණිල්ලකට අනුව එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවි කරුණානායක මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරුණු අතර එම නියෝගයෙන් අගතියට පත් රවී කරුණානායක මහතා එම වරෙන්තුව බලරහිත කරන රිට්ආඥාවන් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාදනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කෙරිණී.
එම රිට් පෙත්සම විභාගයට ගැනීමෙන් පසු අදාල වරෙන්තුව බලරහිත කරමින් අභියාචනාධිකරණය මගින් රිට්ආඥාවන් නිකුත් කළ අතරතුරේදී නීතිපතිවරයා විසින් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා 32ක් යටතේ එවකට මුදල් අමාත්‍යවරයා සිටි රවී කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරනු ලැබිණි.
ඉන්පසු හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා තමන්ට එරෙහි අධි චෝදනා පත්‍රය බලරහිත කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් විභාගයෙන් පසු අධි චෝදනා පත්‍රය බල රහිත කරමින් රිට් ආඥාවන් නිකුත් කෙරුණු අතර තීන්දුවෙන් අගතියට පත් නීතිපතිවරයා තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලා මෙම විශේෂ අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශවයේ නීතිඥවරුන් දීර්ඝ වශයෙන් කරන ලද දේශන සහ ඉදිරිපත් කළ ලේඛණ පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ අභියාචනාධිකරණය විසින් ජනාධිපති කොමිෂන් සභා පණතේ 24 වැනි වගන්තිය වැරදි ලෙස අර්ථකථනය කර තීන්දුව ලබා දී ඇති බවයි.
ඒ අනුව හිටපු මුදල් අමාත්‍යය රවි කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව ඉවත දැමිමට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීමට අවසර දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා පෙනී සිටියේය.
හිටපු ඇමති රවී කරුණානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන පයිසර මාකර් සහ ෆායිස් මුස්තාපා යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ.