මොරටුව රාවතාවත්තේ නිවසක තිබී ඊයේ (11දා) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ සමස්ත බර කිලෝ ග්‍රෑම් 177.464ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් හා ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන මාකඳුරේ මධූෂ් නැමැත්තා විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය ලංකාවට එවා ඇති බවට මූලික පරීක්ෂණවලදි හෙළිව තිබෙ.
ඔහුගේ සමීපතමයෙක් වන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති කැලුම් ඉන්දික නොහොත් කැවුමා නැවතී සිටි නිවසක මෙම මත්ද්‍රව්‍ය තොගය තිබි ඇත.
එසේම එම නිවසේ තිබී මාකඳුරේ මධූෂ්ගේ පියාගේ අවමංගල උත්සවය ඇතුළත් වීඩියෝ පටයක්ද සොයාගත් බව පොලීසිය පවසයි.