වාහන කැබලි වංචාවක් සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පිරිසකට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් 2015 - 2018 රජයේ ආයතන වල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙම ජාවාරම හේතුවෙන් රජයට මිලියන 6500 ක පාඩුවක් සිදුව ඇතැයි පිවිතරු හෙළ උරුමය පවසයි. මෙහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධු මාධව අරවින්ද මහතා
“පසුගිය සමයේ සිදු වූ දූෂණ වංචා ගණනාවක් සාක්ෂි සහිතවම මෙම කොමිෂන් සභාව වෙත එකිනෙක ඉදිරිපත් කිරීමට පිවිතුරු හෙළ උරුමය විදිහට අප බලාපොරොත්තු වෙනවා. මේ එහි මුල් පියවරයි. මෝටර් රථවලින් බදු මුදල් වශයෙන් ලංකා රජයට රුපියල් මිලියන 6500 අය විය යුතුව තිබූ මොහොතක රාජ්‍ය අනුග්රහයද සහිතව එම මුදල් රජයට අහිමි වූ ආකාරය පිළිබඳ තොරතුරු අද අපි මෙම කොමිසම හමුවේ තබනවා.
රවී කරුණානායක මහතාගේ විශේෂ අනුග්‍රහයක් ලබන ආයතනයක් වාහන 2250ක් ඉතාමත්ම සූක්ෂම ලෙස නියමිත බදු මුදල් නොගෙවා මෙරටට ගෙන එනු ලබනවා. එක් පුද්ගලයෙක් වෙනුවෙන් අයවැය යෝජනා පවා ගෙන එමින් තමයි මෙය සිදු කරන්නේ.
රවි කරුණානායක මහතා එක් පුද්ගලයෙක් වෙනුවෙන් තමයි මේ විශේෂ අනුග්‍රහය දැක්වීම සිදු කරන්නේ. ලංකාවට වාහන ගෙන්වීමේදී සැබෑ ව්‍යාපාරිකයා බදු මුදල් ගෙවන්නත් මෙවැනි ආවරණ ලබන සොරුන් වංචනික ලෙස වාහන ගෙන්වීමත් සිදු නොවිය යුත්තක්.”