ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රුපියල් කෝටි 5200 කට ආසන්න බැඳුම්කර වංචා කළැයි හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 11 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු විනිසුරු මඩුල්ල පත් කරන ලෙස නීතීපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සිදුකළ විමර්ශන කටයුතු අවසන් කොට නීතීපතිවරයාට උධෘත යොමු කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 11 දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැරීමට නීතීපතිවරයා තීරණය කොට ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය සඳහන් කළාය.
ඒ අනුව විත්තිකරුවන්ට එරෙහි නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතීපතිවරයා මෙලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.
හිටපු අමාත්‍ය රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපතිවරයා එහි අධ්යක්ෂවරයා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නීතීපතිවරයා තීරණය කොට ඇතැයි වාර්තාවේ.