ශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩාල කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව බවත් මහ බැංකුව දේශපාලනය කරන බවත් අමාත්‍ය රවී කරුණානයක මහතා පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.
එසේම කලාපයේ රටවල් අවම පොලියක් යටතේ බැඳුම්කර නිකුත් කර ඇති විට ශ්‍රී ලංකාව ඉහළ පොලී අනුපාතියක් යටතේ බැදුම්කර නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
" රට ඇණ හිටවන්නේ මහ බැංකුවයි. මහ බැංකුව මෑත කාලයේදි අවුරුදු 10කින් කල් පිරෙන සෛවරීත්ව බැඳුම්කරයක් වැඩි පොලී අනුපාතයක් යටතේ නිකුත් කර තිබෙනවා. ඩොලර් බිලියන 1.4ක මුදලක් 7.85%ක පොලියකට ලබාගෙන තිබෙනවා. මැලේසියාව 3.87%, තායිලන්තය 2.51%, වියට්නාමය 7.48%, ග්‍රීසිය 3.84%, බොස්වාන 5.27%ක් ලෙස පොලී අනුපාත යටතේ බැඳුම්කර නිකුත් කර තිබෙනවා."