රුපියල් දහයක් සම්බන්ධයෙන් ඇති වු කතාබහක් දුරදිග යෑමෙන් ලී මොලේ මුරකරුට අතකොලුවකින් පහරදී මරා දැමීමේ චෝදනාවට වරදකරු වු එම ලී මොලේ ප්‍රධාන බාස්වරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (07දා) මරණ දඬුවම නියම කළේය.
මීට වසර 08කට පෙර සිදුවු විරසකයක් හේතුවෙන් විත්තිකරු මෙම අපරාධය සිදුකළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ජනාධිපතිවරයා තීරණය කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුලදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වනතුරු බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මෙලෙස මරණීය දඬුවම් නියම කරන ලද්දේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි බොරලැස්ගමුව රන්ජන් ලී මොලේ ප්‍රධාන බාස්වරයා ලෙස කටයුතු කළ පේ‍්‍රමතිලක බාලසුරිය නමැත්තාටය.
2010 සැප්තැම්බර් මස 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බොරලැස්ගමුවේදී කේ. ලයනල් හෙවත් පොඩි මල්ලී නමැත්තාගේ මරණය සිදුකළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.