රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වුවත් තමන්ව අග්රාමාත්යවරයා ලෙස පත් කිරීමට බලයක් නොමැති බවට ඔහු තේරුම් ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එමෙන්ම රනිල් වික්රමසිංහ මහතාට හෝ තමාට අගමැති ධුරය භාර ගැනීම සඳහා ජන වරමක් නොමැති බවද රනිල් වික්රමසිංහ මහතා තේරුම්ගත යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් තමන් මාස 06ක් තුළ මෙරට තුළ ක්රියාත්මක කළ යුතු බවට වන යෝජනාවක් පසුගියදා ඉදිරිපත් කළ අතර, එම ස්ථාවරයේ අදටත් සිටින බවද දිසානායක මහතා පැවසීය.