රනිල්ට හර්ෂට ඇමති නලින්දගේ ස්තූතිය
“සුවසැරිය” ගිලන් රථ සේවාවේ නව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ සිදු කෙරිණි.
මෙම නව ප්‍රධාන කාර්යාලය අංක 43,හොර්ට්න් පෙදෙස, කොළඹ 07 ස්ථානයේ ස්ථාපිත කෙරුණ අතර, 2016 වසරේ සිට රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලක එම ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන ලදි.
ශ්‍රී ලංකාවේ පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලබන රාජ්‍ය ආයතන, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු සඳහා අධික කුලී පිරිවැයක් දැරීමට සිදුවීම බරපතල ආර්ථික ගැටලුවක්වන බැවින් රජයේ ආයතන පෞද්ගලික ස්ථානවලින් ඉවත් කර රජයට අයත් ගොඩනැගිලි වෙත ගෙනයාමේ රජයේ වැඩපිළිවෙලට අනුව “සුවසැරිය” ගිලන් රථ සේවාවේ වත්මන් කාර්යාලය රාජ්‍ය භාණ්ඩාගාරයට අයත් ගොඩනැගිල්ලක මෙලෙස ස්ථාපිත කෙරිණි. මේ අනුව වාර්ෂිකව රුපියල් මිලියන 25 ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බවද මෙහිදී අනාවරණය විය.
නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණයක ද යෙදුන අතර, අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ අද දින සනිටුහන් කරනු ලබන්නේ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව නව ස්ථානයකට රැගෙනයාම පමණක් නොවන බවත්, නව සංස්කෘතියක් සහ ආදර්ශයක් ලබාදීම ද සනිටුහන් කරන බවයි.
1990 ගිලන් රථ සේවා ඉතාම දුෂ්කර තත්ත්වයන්, බාධාවන් යටතේ ආරම්භව අද වන විට ස්ථාවරත්වයට පත්ව වර්ධනය වන අවස්ථාවක් වන බව ද එම සේවාව ඊලඟ අදියර සඳහා ගෙනයාමට වත්මන් රජය කටයුතු සිදු කරන බව ද අමාත්‍යවරයා පැවැසීය.
අප වැනි රටවල් සංවර්ධන ඉළක්ක, ආර්ථිකයේ ශක්තිමත් පදනම් අවස්ථා තිබියදීත් එය ලඟාකර ගත නොහැකිවීමට හේතු රාශියක් වන බවත් ඒ අතරින් තීරණාත්මක හේතුවක් ලෙස වැඩසටහන්, ව්‍යාපෘති අඛණ්ඩව ඉළක්ක සහගතව ඉදිරියට කරගෙනයාමට ඇති නොහැකියාව පෙන්වා දිය හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසිය.
රජයක් , ඇමතිවරයෙක්, පළාත් සභාවක්, ආරම්භකරන ලද වැඩසටහන් වැඩි දියුණු කර අඛණ්ඩව ප්‍රථිපළ ලැබෙන තුරු,ඉළක්කය සම්පූර්ණ කරගන්නා තුරු පවත්වා නොගෙන අතරමග නවතා දමන ව්‍යාපෘති රාශියක්ද තිබෙන බවත්, එය මෙරට ආර්ථිකයටත් බරක්වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය රටකට සුදුසු පණිවිඩයක් නොවන බවත් පෙන්වා දෙන ලදී. එනමුත් 1990 ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ ආරම්භකර අදවන විට ස්ථාවරත්වයට පත්වී වර්ධනයවන අවස්ථාවේ තිබෙන සේවාවක් බව පැවසීය.
මෙම සංකල්පයේ, අරමුණ කෙතරම් හොද වුවත් මුල් අවස්ථාවේ දී මෙය අපේ පද්ධතියට,රටට එකතුකර ගැනීමට අති විශාල බාධා තිබූ බවත්, ඒ කියපු සමහර හේතු එසේ පැවසිය හැකිද යන්නත් ගැටළුවක් බව ද සදහන් කර සිටියේය.
ඉතාම සෘණාත්මක මතයක් සමාජ ගත කිරීමට උත්සහ ගත් බවත්, ඒ සියල්ල බිද දමමින් වර්ථමානය වනවිට යම් තැනකට පැමිණ තිබෙන බවද සදහන්කල අමාත්‍යවරයා ආචාර්ය හර්ෂ ද සිල්වා, එවකට හිටපු අගමැතිතුමා, එවකට 1990 හිටපු සභාපති දුමින්ද රත්නායක යන මහත්වරුන් ඇතුව කණ්ඩායම ගර්භණී සමයේ එ් මව රැකගෙන, ආරක්ෂා කරගෙන දරුවා බිහිකර අසීරු සමය පසුකර පෙර පාසල්යන සමයේ දී ලැබුණු බවද පැවසීය.
ඒ දරුවා ලොකු මහත්කර ඊලග අදියරට රුගෙන යාම අපගේ වගකීම බව ද සදහන්කල අමාත්‍යවරයා රටක් ලෙස ඉන්දියානු අග්‍රාමාත්‍යතුමාට, වර්තමාන ඉන්දියානු විදේශ අමාත්‍යතුමාට මෙන්ම ඉන්දියානු ජනතාවට මේවෙනුවෙන් දක්වපු සහ දක්වන දායකත්වයට විශේෂ ස්තූතියක්ද පලකර සිටියේය.
මෙම සේවාවට, මෙම බලඇණියට තවත් ගිලන්රථ එකතු කිරීමට ඉන්දියානු රජය කැමැත්ත පල කර තිබෙන බවත්, එමෙන්ම අනේක විද බාධාවන් මධ්‍යයේ මෙම ව්‍යාපෘතිය මෙතනට ගෙන ඒමට සටන්කල ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුලු සෑම සියළු දෙනටම ස්තූතිය පුදකර සිටින බව ද වැඩිදුරටත් මෙහමි දී පැවසීය.
මෙම නව කාර්යාල ගොඩනැගිල්ලේ සියළු ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකාව නාවික හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් සිදු කර ඇති අතර, ඒ සඳහා දායක වූ නිලධාරීන් හට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් ඇගයීම් ලිපි ලබාදීමට ද මෙහිදී පියවර ගන්නා ලදි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක 1990 සුවසැරිය යනු ඕනෑම හදිසි වෛද්‍ය අවස්ථාවකදී මහජනයාට නොමිලේ ලබාගත හැකි පූර්ව රෝහල් හදිසි සත්කාරක ගිලන් රථ සේවාවකි.
“සුවසැරිය” ගිලන් රථ සේවාව මගින් දැනට ගිලන් රථ 322 ක් දිවයින පුරා සිය සේවා අඛණ්ඩව සපයන බවත්, ඉන් ගිලන් රථ 25 ක් මෙරට රජය මගින් ලබාදීමට කටයුතු කර ඇති බව අධ්යක්ෂ මණ්ඩලය මෙහිදී අමාත්‍යවරයා දැනුවත් කරන ලදි. දිනකට දුරකථන ඇමතුම් 5000 ඉක්මවා සම්බන්ධ කර ගනිමින් දෛනිකව දළ වශයෙන් 1050 පමණ අවස්ථා ඉක්මවා සිය සේවාවන් සපයන බවත් දත්ත පෙන්වා දෙයි.
“ජීවිතයක් සුරැකීම” යන්න ප්රමුඛ අභිමතාර්ථය කරගනිමින් 1990 සුවසැරිය පදනම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනතකින් බලාත්මක කර ඇත. ආරම්භයේ දී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ “සුවසැරිය” ජාතික හදිසි ගිලන්රථ සේවාව මේ වනවිට ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබයි.
2026 වසර අවසන් වන විට රට පුරා පොලිස් ස්ථාන 400ක් දක්වා මෙම සේවාව තවදුරටත් පුළුල් කිරීමට රජය සැලසුම් කර ඇති අතර, මෙම සේවාව ලෝක බැංකුව මගින් ලොව වඩාත් උසස් සහ වේගවත්ම ගිලන් රථ සේවාවක් ලෙස ඇගයීමට ද ලක් කර ඇති අතර, 2016 වසරේ ආරම්භ කරන ලද මෙම සේවාවවට මෙම වර්ෂයට වසර 10 ක් සපිරේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
