විපක්ෂය විසින් ක්‍රියාත්මක කරන හුස්මක් වැඩසටහන යටතේ හැකිනම් අත්‍යාවශ්‍ය ඖෂධයක් හෝ අවම වශයෙන් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මිට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව එම ඉල්ලීම ඉටුකරමින් රුපියල් මිලියන 15ක් වටිනා ඖෂධ තොගයක් අද දිනයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කළේය.
මේ අනුව Recombinant Streptokinase එන්නත් 4000ක් මෙසේ පරිත්‍යාග කළ අතර එහි ඩොලර් වටිනාකම ඩොලර් 40000කට අධිකවෙයි.
