හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර, ඊට අදාළ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයාගේ ඉදිරි ස්ථාවරය දැනුම් දීම සඳහා අදාළ නඩුව නොවැම්බර් 11 වැනිදා යළි කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
හිටපු ජනපති රනිල් වික්රමසිංහ මහතා හා හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව ඔවුන් දෙදෙනා අද අධිකරණයේ පෙනී සිටියේය.