සති හයක් ඇතුළත අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වසර දෙකක සහන වැඩසටනහක් වෙනුවෙන් යටිතල පහසුකම් ව්‍යාපෘති කප්පාදු කරමින් මෙම අයවැය ඉදිරිපත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත් ඉදිරියේදී තවදුරටත් උද්ධමනය ඉහළ යනු ඇති බවත් වීදිවල විරෝධතා තවදුරටත් වර්ධනය විය හැකි බවත් අග්‍රාමාත්‍යවරයා රොයිටර් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබේ.ෙ
“ඉදිරි දුෂ්කර දින දෙස බලන විට විරෝධතා ඇතිවිය හැකියි. මිනිසුන් දුක් විඳින විට එය ස්වාභාවිකයි, ඔවුන් විරෝධතා දැක්විය යුතුයි ” යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
“නමුත් එය දේශපාලන ක්‍රමය අස්ථාවර නොවන බවට සහතික වීමට අපට අවශ්‍යයි.” යැයි අග්‍රමාත්‍යවරයා පවසයි.