දිවයිනේ පොලිස් වසම් දාහතරකින් රන්මාල කොල්ලකෑම් එකසිය පනහකට සම්බන්ධ සිව් දෙනකුගෙන් යුත් කල්ලියක මහ මොළකරු ඇතුළු තිදෙනකු සොරා ගත් යතුරු පැදි දෙකක් ද සමග අද (31) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි .
මීට සම්බන්ධ අනෙත් සැකකරු කොට්ටාව විද්‍යාල හන්දිය ප්‍රදේශයේ මහමග ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කා පළා යමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ඉකුත් (28දා) කොට්ටාව පොලිසියට භාරදී තිබුණි .
ඒ සඳහා සැකකරුවන් දෙදෙනකු පාදුක්ක ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරදී සොරා ගත් යතුරු පැදියකින් පැමිණ තිබූ අතර එහිදී එක් සැකකරුවෙකු ගම්වාසීන් විසින් අල්ලා මෙසේ පොලිසියට භාර දී තිබූ අතර අනෙක් සැකකරු පලාගොස් තිබුණි .
පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරකට අනුව , යතුරු පැදි වලින් ගොස් රන්මාල කොල්ලකෑමේ ජාවාරමකට සම්බන්ධව සෙසු සැකකරුවන් තිදෙනා අද (31දා) කොට්ටාව රුක්මල්ගම බස් නැවතුම්පොළේ දී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .
එම අවස්ථාවේදී පොලිස් භාරයට බාරයට ගත් යතුරු පැදි දෙක රාජගිරිය සහ මහරගම පොලිස් වසම් වලින් සොරා ගත් යතුරු පැදි දෙකක් බවට තොරතුරු අනාවරණය වූ බව පැවසේ .
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර ජාවාරමේ මහ මොළකරු ද සිට ඇති අතර ඔහු දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් වසම් දාහතරකින් රන්මාල කොල්ලකෑම් 150 ක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි
කහතුඩුව , තලන්ගම , බියගම , පිළියන්දල , බොරලැස්ගමුව , කොහුවල , මහරගම , වැලිවේරිය සහ කොහුවල ඇතුළු පොලිස් වසම් 14කදී මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කා පලා යාමට පුරුදුව සිට ඇති අතර එලෙස කොල්ලකන රන්මාල උකස්කොට සින්න වීමට ආසන්න වෙත්ම එලෙස සින්න වන රන් භාණ්ඩ බේරා ගන්නා ව්‍යාපාරිකයින්ට දන්වා නිදහස් කරවා ඇතැයි පැවසේ .
රන්මාල කොල්ල කෑම් සම්බන්ධයෙන් 2014 ,තලන්ගම , 2017 කහතුඩුව , 2019 බියගම සහ තලංගම , පොලිස් වසම් වලින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ පුද්ගලයකු බවත් අවසන් වරට මහරගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කොට ඉකුත් පෙබරවාරි මාසයේ ඇප මත නිදහස්ව ආ අයෙකු බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි .
අත්අඩංගුවට ගත් මාලබේ සහ කැකිරාව ප්‍රදේශ වල පදිංචි (28 - 36 ) සැකකරුවන් තිදෙනා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න