සිරගත කොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජන ප්‍රිය නළු රංජන් රාමනායක මහතා වැලිකඩ බණ්ධනාගාරය තුළ සුවසේ අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා බදුල්ලේදී අද (16) දා පැවසීය .
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා බදුල්ල බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණ සිටි අතර
එහිදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රංජන් රාමනායක මහතාට අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා තාක්ෂණ උපකරණ ලබාදී ඇති බවත් ,ඔහු බන්ධනාගාරය නිළධාරීන්ගේ අධික්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන බවත් සඳහන් කළේය .
දිවයිනේ සියළුම බන්ධනාගාරවල රැදවියන් ඉඩ කඩ ඇත්තේ 11762 කට වුවත් මේ වන විට රැඳවියන් 18600 ක් පමණ ඒවායේ සිටින සිටින බව පැවසීය .
කෙසේ නමුත් වසර 2020 අගභාගය වන විට රැඳවියන් 32000 ක් සිටි බවත් මේ අනුව බන්ධනාගාරගත වන රැදවියන්ගේ සංඛ්‍යාව මේ වන විට පහත බැස ඇති බව පැහැදිලි වන බවත් අවධාරණය කළේය .
බදුල්ල - පාලිත ආරියවංශ