රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණය අද නියෝග කළේය.
මෙම නඩුවට අදාළව සෘජු හා පරිවේෂණීය සාක්ෂි නොමැති වීම හේතුවෙන් හිටපු මන්ත්රීවරයා මුදා හරින බව අධිකරණය දැනුම් දුන්නේය.